විදුහල්පති පණිවිඩය
මලිදුව මහා විද්‍යාලය

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල දකුණු පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
මාර/මලිදුව මහා විද්‍යාලය වර්තමානයේ ජාතික පාසල්ක් ලෙස ඉදිරියට ගමන් කරන විදුහලකි. වසරකි කිහිපයක සිට ශිෂ්‍ය ගහනය සහ විභාග ප්‍රතිඵල වර්ධනය වෙමින් විද්‍යාලයට භෞතික සම්පත් රාශියක්ම හිමිවීම සතුටට කරුණකි. මහින්දෝදය විද්‍යාගාරය හා තාක්ෂණික පීඨය අප දරුවන්ගේ අනාගතයට නැවුම් බලා බලාපොරොත්තු එකතු කරන දායාද ලෙස අපි සලකමු.
වසර 2025 වන විට භෞතික හා මානව සම්පත් සපිරි මෙම ප්‍රදේශයේ දූ දරුවන්ගේ නිපුනණතා වලට අත් වැල දෙන තාක්ෂණික ලෝකයට පිවිසීමට මග මග පෙන්වන අධ්‍යාපනික ආයතනයක් බවට අප පාසල පත් කිරීම සමස්ත ගුරු මණ්ඩලයෙ ඒකායන අරමුණයි.
විදුහල්පති,
මලිදුව මහා විද්‍යාලය