අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස කලාපයට අයත් මලිදුව එරමුදුගොඩ ග්‍රාමයේ මනරම් කඳු ගැටයක පිහිටා ඇති අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
අප විද්‍යාලය අධ්‍යාපන කටයුතු සඳහා ද්විතීක අංශයෙන් ක්‍රියාත්මක වන අතර උසස් පෙළ සඳහා කලා වානිජ හා තාක්ෂණවේදය යන විෂය ධාරාවන් ක්‍රියාත්මක වේ. සියලු පහසුකම් වලින් සමන්විත තාක්ෂණ පීඨයක් හා මහින්දෝදය විද්‍යාගාරයක් අප පාසල සතුව ඇත.









